විවිධ වූ ක්‍රම කිහිපයකින් බොන්සායි
සඳහා අමුද්‍රව්‍ය වශයෙන් ගස් සපයා ගන්නා බව මේ වන විට ඔබ දන්නා කරුණකි.
පසුගිය සටහනේ අවසානයට අප දැක්වූයේ
වනාන්තරයෙන් හෝ වෙනත් බිමකින් ගලවා ගන්නා ගස් ගැනයි.
මේ වනාන්තරයෙන් ලබා ගන්නා ගස් ද කොටසක්
දෙකකට හැඳින්විය හැකිය.
එනම් වනාන්තරයේ මවු ගස් යට තරමකට පමණක්
වැඩුණු ගසක් දෙකක් ගලවා ගැනීම ඉන් පළමු කොටසයි. ඒවා එතරම් වැඩුණු ඒවා නොවේ. එහෙත්,
පැල අලෙවි සැල් වල සොයා ගත වොහැකි සමහර ගස් වර්ග වනාන්තරයෙන් සොයා ගැනීමේ හැකියාව මෙහිදී
ඉතා වැදගත් වේ.
මේ යමදෝරි
ගැන තවත් ටිකක් හෝ කතා කළ යුත්තේ එහි ඇති පාරිසරික වැදගත් කම හේතුවෙනි. එබැවින්
බොන්සායි කලාවට පෙම් බඳින්නන් සෑම දිනකම මොහොතක් හෝ එය මෙනෙහි කළේ වුව අවැඩක්
නොවනු ඇත.
බොන්සායි නිර්මාණයක් සඳහා පරිසරයෙන්
ගසක් ගැලවීම අපට තරමක් ආගන්තුක එකක් වුව, එය බොන්සායි සඳහා ගසක් ලබා ගැනීමේ
පැරණිතම ක්‍රමයකි. කෙසේ වෙතත්, මේ වන විට අප පරිසරයට සීමාවකින් තොරව අත තබා හමාර
බැවින් මේ ක්‍රමය ගැන යළි යළිත් සිතා මිස සුදුසු යැයි හැඟෙන ගසක් දුටු සැනින් එය
ඉවත් කර ගැනීම නොකළ යුතුය. එය අතිශයින් පරෙස්සමින් කළ යුතු දෙයකි.
මක් නිසාද යත් එය අයිති ඔබට මට පමණක්
නොවේ. එය සකල ලෝ වැස්සන්ට ම අයිති එකකි. එය පරිසරයේම කොටසකි. පරිසරයටම අයිති එකකි.
එය සකල ලෝ වැස්සන්ටම අයිති එකක වන්නේ ඒ නයිනි.
සමහර විට සමහර කටුක පාරිසරික තත්ත්ව
යටතේ වැඩෙන ගස් අප බොන්සායි කිරීමටත් පෙර ම බොන්සායි බවට පත්ව ඇති බව දැක ගත හැකිය.
එවැනි ගසක් ගැනීමෙන් අපගේ
අවසාන නිර්මාණය ඉක්මණින් සහ අලංකාරවත්ව කර ගත හැකි බව යමෙකුට වැටහුනු විට එවන්
ගසක් තමන් සන්තක කර ගැනීමේ ආශාව අස්වාභාවික එකක් නොවේ. එහෙත්, එසේ වූවත් එවැනි
ගසක් ඉවත් කරගැනීම පිළිබඳව යළි යළිත් සිතිය යුතු වෙයි.
එවන් ස්ථානයක ඇති සමහර ගසක් නිරතුරුව
යම් යම් අය විසින් කපා ඉවත් කිරීමට වෙර දරා ඇති නම්, එය කුමණ හෝ අවස්ථාවක සදහටම එම
පරිසරයෙන් ඉවත් වීමේ අවදානම අවලංගු කළ නොහැකිය. සමහර ගල් කඳු ආශ්‍රිත ජනාවාස අවට,
ආරාආදිය ඇතිම පෙදෙස් අවට දී අපට ගස් හමු වේ. ඒවායෙහි ඇති පාරිසරික වැදගත්කම හෝ
බොන්සායි ගැන සිතූ විට ඇති වටිණාකම අපට මෙන් ඔවුනට නැත්තේ ඔවුන් නිරන්තරයෙන් එවන්
ගසක් එම ස්ථානයේ වැඩීමෙන් යම් අපහසුතාවක් විඳින හෙයිනි. ඔවුනට එය සිය ජීවන ගමනේදී හෝ
එදිනෙදා කාර්යයේදී කරදර අතරට තවත් කරදරයක් පමණි. එවැනි ගසක් ඉවත් කර ගැනීම පවක්
නොවේ.
යෝජිත ඇල මාර්ග මං මාවත් ආදිය අවට ඇති ගස්ද
මෙවැනිය. ඒවා අපට නොදන්වාම යම් මොහොතක බිමට සමතලා වනු ඇත. එබැවින් ඊට පෙර සුළු
අවසරයකන් එය ඉවත් කර ගතහොත් අවමයෙන් බොන්සායි නිර්මාණයක් ලෙස හෝ තව දුරටත් එය
ජීවත් වෙනු ඇත.
එසේම, වන ජීවී උද්‍යාන ඔස්සේ වැටී ඇති
මං පෙත් දෙපස ආසන්නයේ ම ඇති ගස්ද, ගිනි පලැතිරීම වැලැක්වීම සඳහා වනයෙන් ගිනි පටි වල ඇති ගස්ද මෙසේ නිරන්තරයෙන් කපා
දැමෙයි. එවැනි තැනකින් නිසි අවසරය මත ගසක් ඉවත් කරගැනීමට සමහර විට ඔබට අවස්ථාව
ලැබෙනු ඇත. එසේම ඇති පදමින් බීජ වැටෙන විසල් මවු ගසක් අවට ඇති බොහෝමයක් පැල
අතුරින් එකක් දෙකක් ඉවත් කර ගත්තාට එම පරිසර පද්ධතියට හානියක් නොවේ. කොහොමත් එවැනි
බොහෝ ගස් ආලෝකය වාතාශ්‍රය, ජලය, පොහොර, අවකාශය යනාදිය සඳහා වන තරගයේදී නොකල්හි සිය
දිවි අහිමි කරගනී. එවන් ගසක් ඉවත් කරගැනීමේ අනුමැතිය ලබා ගැනීම එතරම් අපහසු නොවනු
ඇත.
තවද පැරණි නිවාස වල බිත්ති වල, තාප්ප වල, ඇල වේලි වල ද මෙවැනි බොන්සායි සඳහා සුදුසු ගස් බහුලව හමු වේ. එවැනි ගසක් නම් ඉවත් කර ගන්නවාට එහි අයිතිකරුවන් කැමැත්තෙන්ම ඉඩ දෙනු ඇත.
තවද පැරණි නිවාස වල බිත්ති වල, තාප්ප වල, ඇල වේලි වල ද මෙවැනි බොන්සායි සඳහා සුදුසු ගස් බහුලව හමු වේ. එවැනි ගසක් නම් ඉවත් කර ගන්නවාට එහි අයිතිකරුවන් කැමැත්තෙන්ම ඉඩ දෙනු ඇත.
අනුරපුර ජේතවනාරාමය මත මෙවැනි ගස්ස අනන්තවත් තිබුණි. එහි සංරක්ෂණ කටයුතුවලදී ර් ගස් සියල්ල විනාෂ වී යන්නට ඇතැයි සිතමි. එවන් අවස්ථාවලදීද සුදුසු ගස් වර්ග සොයා ගැනීමට අපට හැකියාව ඇත.
මෙවන් අවස්ථාවක මිස, අන් කිසිදු අවස්ථාවක මේ සඳහා පරිසරයට අත තැබීම නොකළ යුතුය.
එසේ ලබා ගන්නා ගස් කෙළින්ම බොන්සායි
සඳහා සුදුසු වීමට හෝ නොවීමට ඉඩ ඇත. එසේ වන්නේ ඒ සමහර ගස්වල අතු ඉවත් කර හෝ බොහෝ
සෙයින් කෙටි කර සකසා ගන්නට සිදුවන බැවිනි. එවිට ඒවා යළි අතුපතර නිසි පරිදි වැඩෙන
තෙක් පුහුණු බඳුනකට යොමු කළ යුතුය. එහිදී අතුපතර වැඩෙනවාට අමතරව කඳ තව දුරටත් මහත්
වීමද, මූල මණ්ඩලය සාර්ථකව ස්ථාපිත වීමද සිදුවේ. මේ නිසා එකී කාලය බොන්සායි අවසාන
නිර්මාණයට මහත් ප්‍රයෝජනවක් කාලයකි. කාලය අපතේ යැවීමක් නොවේ.
බොන්සායි නිර්මාණයක් යනු පරිසරයේ ඇති
විසල් ගසක් එවන් ම පෙනුමක් සහිතව කුඩා පැතලි බඳුනක් මත ප්‍රතිනිර්මාණය කිරීම බව ඔබ
මේ වන විට ඇති තරමින් දන්නා කරුණකි. එබැවින් අපි යොදා ගන්නා බොන්සායි ගසෙහි කඳේ තරමට අතු පතර ද වැඩී පැරණි ලක්ෂණ පෙන්විය
යුතුය. මේ සඳහා ඒවා හැඩ ගැස්වීමට පෙර හොඳින් වැඩෙන්නට ඉඩ හැරිය යුතුය.
මේ අතරේම කිවයුතු තවත් කරුණක් නම්,
වර්තමානයේදී සමහර ශාක වර්ග වල කුරු ප්‍රභේදයන් බොන්සායි නොකළත් බොන්සායි සේ පෙනෙන්නට
තිබීමයි. එවන් ගසක් ගෙන බොන්සායි බඳුනක් සිටුවා බොන්සායි සේ සැලකීම නියම බොන්සායි
නම් නොවේ. නමුත් වර්තමානයේදී එවන් ගස් වර්ග අධික මිලට බොන්සායි නමින් විකිණෙන බව
අපට දැක ගත හැකිය.
මා සතු මේ මහතක කඳන් සහිත ඇහැටු ගස් ඊට
නිසි උදාහරණ සපයයි. ඒවාගේ කඳෙහි තරමට අතු වැඩී නොමැත. එබැවින් ඒවා තව කාලයක්
පුහුණු බඳුන් තුළ වැඩෙන්නට තැබිය යුතුවෙයි. පුහුණු බඳුන් යනු අප අවසාන නිර්මාණය
සඳහා ලබා දෙන්නට හිතන බඳුන් වලට වඩා ඉඩකඩ වැඩි බඳුනකි. ඒ බඳුන සමහර විට ලෑලි වලින්
සාදා ගන්නා පෙට්ටියක් විය හැකිය. පැරණි බේසමක් විය හැකිය. ගඩොල් පේලි 3-ක් හතරක් උස
හතරැස්ව බිම සාදා ගන්නා ගඩොල් පාත්තියක් විය හැකිය. සමහර විට කුඩා ප්‍රමාණයේ ළිං
වලට බස්සන කොන්ක්‍රීට් වළලු විය හැකිය.
පුහුණු බඳුනක පාංශු මිශ්‍රණය බොන්සායි මිශ්‍රණය ම නොවේ. එයට මතුපිට පස, රළු වැලි, කොම්පෝස්ට් සහ සමහර විට දිරා යාම ඇරඹුනු කොහුබත් ( අලුත් කොහු බත් නොසුදුසුය ) සමාන ප්‍රමාණ වලින් එක් කළ හැකිය. එම පුහුණු කාලයේදී අපි පෝෂ්‍ය පදාර්ථ සීමා කිරීමක් නොකරයි.
නමුත් බොන්සායි මාධ්‍යය වශයෙන් අපි යොදා
ගන්නේ රළු වැලි, උළු හෝ ගඩොල් කුඩා කැබලි, අඟුරු, බොරළු සහ වියලි ගොම කුඩා කැබැලි
සමාන කොටස් එකතුවකි. කෙසේ වෙතත් මෙහි ඉහත ද්‍රව්‍ය සමාන ප්‍රමාණ වලින් යොදා ගන්නේ
යැයි කීවාට ගසේ ජල අවශ්‍යතාව සලකා ජලයට වැඩි රුචි ගසක් නම්. වැලි අඩු පස් වැඩි
මිශ්‍ර පසක් ලෙසත්, හොඳින් ජලය බැස යාම අවශ්‍ය ගසක් නම් වැලි වැඩි පස් මිශ්‍රණයක්
ලෙසත් සකසා ගත යුතුය. එවිට පස් වැඩි කිරීම හෝ, වැජි වැඩි කිරීම මගින් මේ අවශ්‍යතාවයට
සමීප විය හැකිය. එයට යොදන පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය ද සාමාන්‍ය ප්‍රමාණයෙන් අඩකි.
කෙසේ වෙතත් මේ ගස්වල මූලික හැඩයක් දුටු
බැවින් ඒ අනුව මූලික සැකසීම් කර අතු ප්‍රමාණයද සීමා කර වැඩෙන්නට සැලැස්වීමට තීරණය
කළෙමි. කෙසේ වෙතත්, වර්ධනය වන විට දිගටම මේ හැඩය පවත්වා ගත හැකි වේද නැති නම්
යළිත් වෙනස් කරන්නට වේද යන්න එවිට යළි සලකා බැලීමට තීරණය කර සිටිමි.
දැන් අපේ පුහුණු බඳුනෙහි වන ගස
බොන්සායි නිර්මාණයක් කරා යන දුෂ්කර දිගු මාවත වෙත හැරෙන්නට සූදානම් යැයි හිතමු.
මෙන්න මේ තැනදී එය පෙන්නුම කරණ ලක්ෂණ අනුව ඊට දිය හැකි හැඩය තීරණය කළ යුතුය. සමහර
විට එහි හැඩයන් එකකට වඩා වැඩි ගණනකට හැඩගැස්විය හැකි බව පෙනීයන්නට වුව හැකිය. එවිට
වඩාත්ම සුදුසු හැඩය තෝරා ඒ අනුව සැකසිය යුුතුය. සමහර විට ගස් වර්ගය, එහි පත්‍ර සහ
අතුපතරෙහි ස්වභාවය වැනි දේ මතද නිර්මාණකරුවාගේ පුද්ගලික රුචි අරුචි කම් මතද සුදුසු
හැඩ වලින් අවසාන හැඩය තීරණය කරණු ලබයි.
කෙසේ වෙතත්, හැඩය සේම අවසාන නිර්මාණයේ
ප්‍රමාණය ද වැදගත් කමක් උසුලයි. එ අනුව ද බොන්සායි නිර්මාණ වර්ගීකරණය වෙයි.
බොන්සායි නිර්මාණ වර්ගීකරණය වන අනෙක් ප්‍රධාන කරුණ ඒවාගේ හැඩයයි. නමුත් ඕනෑම ප්‍රමාණයක
බොන්සායි නිර්මාණයක් අප මෙහි සාකච්ඡා කරණ බොහෝ හැඩ වලට අනුව නිර්මාණය කළ හැක.
Eight-handed
bonsai 60-80″ (152-203 cm)
Six-handed
bonsai 40-60″ (102-152 cm)
Four-handed
bonsai 30-48″ (76-122 cm)
Two-handed
bonsai 16-36″ (41-91 cm)
Two-handed bonsai 10-18″ (25-46 cm)
One-handed
bonsai 6-10″ (15-25 cm)
One-handed
bonsai 5-8″ (13-20 cm)
- Chohin
One-handed
bonsai 2-6″ (5-15 cm)
- Mame
One-handed
bonsai 2-4″ (5-10 cm)
- Shito
Fingertip
bonsai 1-3″ (3-8 cm) - Keshitsubo
මීට පෙර සටහනක ස්වභාවයේ පවතිවන ගස්
වලින් දැකිය හැකි විවිධ මූලික හැඩයන් කිහිපයක් සහ ඒ සඳහා උදාහරණ සපයන පින්තූර
ඉදිරිපත් කළෙමි. මේ බොන්සායි නිර්මාණයට අපි ලබා දෙන්නේද එවැනි හැඩයකින් එකකි. ඒ
අනුව බොන්සායි හැඩයන් යනු ස්වභාවයේ පවතින හැඩයන්මය. එකම දේ නම් ස්වභාවයේ පවතින්
ගසකට වඩා පරිමාණයෙන් ඉතා ලගුඩා ගසෙහි එම ලකුණු මතුව පෙනෙන අයුරින් අපි එහි යම් යම්
සීමා කිරීම් කරණු ලැබීමයි. එනම් අතු පිහිටවීමේ ඉහත සටහනක දැක්වූ රීතීන් අනුගමනය
කිරීමයි. අතු සංඛ්‍යාව සීමා කිරීමයි.
ප්‍රධාන බොන්සායි හැඩයයන් :
FORMAL UPRIGHT STYLE – CHOKKAN
කඳ
සෘජුව ඉහළට වැඩුණු හැඩය.
මෙම හැඩයේදී කිසිදු අක් වක් වීමක්
නැතිව කඳ පාංශු මට්ටමේ සිට අග්‍රස්ථය දන්වා මනා සිහින් වීමක් සහිතව ඉහළට වැඩී ඇති
ආකාරයට බොන්සායි නිර්මාණය සකසා ගනී. අතු පතර පිහිටුවන මූලික රීතීන් මෙහිදී ද සම සේ
වලංගු වන අතර අතු පතර වලින්ද අක් වක් බවකින් තොර සෘජු ස්වභාවය පෙන්විය යුතුය.
INFORMAL UPRIGHT STYLE – MOYOGI
කඳ
අක් වක් ව ඉහළට වැඩුණු හැඩය.
ස්වභාවයේ පවතින ගස් වලින් වැඩිම ප්‍රමාණයක් දක්වන්නේ මේ හැඩයයි. නිර්මාණය ව ඇති බොන්සායි වලින් වැඩි ප්‍රමාණයක් සකසා ඇත්තේද ඒ අනුව මේ හැඩයට ය. කඳේ ඇරඹුමේ ම සිට දක්වන ක්‍රමාණුකූල අක් වක් බවක් මෙහි ප්‍රධාන කඳෙන් නිරූපනය වන අයුරින් නිර්මාණය කර ඇත. එම අක් වක් බව කඳේ අග්‍රස්ථය දක්වාම විහිදිය යුතුය.
ගසේ පළමු අත්ත විහිදිය යුත්තේ එහි පළමු
නැම්මේ බාහිර දාරයෙනි. ඒ ලෙසින් දෙවැනි තුන්වැනි හතරවැනි ආදී ලෙස අතු ඊ ළඟ වක්‍රවල
පිටත දාරයෙන් ඒ ඒ අතු විහිදිය යුතුය. මේ අයුර අග්‍රස්ථය දක්වාම විය යුතුය.
SLANTING STYLE – SHAKAN
කඳ
පසෙකට ඇලව වැඩුණු ආකාරය
BROOM STYLE – HOKIDACHI
මුසුන්නක
කෙඳි ආකාරයට වැඩුණු හැඩය
SEMI-CASCADE – HAN-KENAGI
අර්ධවශයෙන් ඇදහැළෙන සුළු
SEMI-CASCADE – HAN-KENAGI හැඩයේදී ගසේ අග්‍රස්ථය
මේ එවැනි CASCADE – KENAGI හැඩයේ බොන්සායි නිර්මාණ වලට උදාහරණ කිහිපයකි.
CASCADE – KENAGI
- යසනාත් ධම්මික බණ්ඩාර -