Tamarind - සියඹලා බොන්සායි

Tamarind - සියඹලා බොන්සායි

 


Tamarind - සියඹලා බොන්සායි කලාව සඳහා යොදා ගනු ලබන සුවිශේෂ ගසක්.

මෙහි සමහර ලක්ෂණ නිසාවෙන් බොන්සායි කලාව සඳහා යොදා ගැනිමේදී යම් යම් දුෂ්කරතා ඇති වුවත්, නිර්මාණය කළ පසු අතිශය අලංකාරවත් ගසක් තමයි සියඹලා කියන්නේ.

සියඹලා වල ප්‍රබේදයන් රැසක් තිබෙනවා. සාපේකෂව විශාලත්වය අඩු විශේෂයක් තෝරා ගත් විට සමහර දුෂ්කරතා මගහැරවා ගැනීම පහසු වෙනවා.

මෙහි පත්‍ර විශාලයි. ඔබ දකින කුඩා කොළ පැහැ ව්‍යුහයන් පත්‍ර නොවෙයි. ඒවා පත්‍රය සෑදුනු පත්‍රිකා වෙයි. එනම් සියඹලා වල පත්‍රය පත්‍රිකා රැසකින් සමන්විතව පවතිනවා.

එබැවින් පත්‍රවල විශාලත්වය බොන්සායි නිර්මාණයක් කිරීමේදී මතුවන ප්‍රධානම අභියෝග වලින් එකක්.

කලක් යද්දී සියඹලා ගසෙහි ඵල හට ගන්නවා. බොන්සායි නිර්මාණයක වුව එලෙස ඵල හටගැනීම සිදු වෙනවා.

ප්‍රශස්ත තත්ත්ව යටතේ ඊට අවැසි නිසි පෝෂණය, ජලය, ආලෝකය මනාව ලැබෙන බැවින් එහි ඵල හට ගැනීම අරුමයක් වෙන්නේ නැහැ.

නමුත් බොන්සායි නිර්මාණයකදී එවිට අපට ඇතිවන ගැටළුව වන්නේ ගසේ ප්‍රමාණයට සාපේක්ෂව ඵලයක විශාලත්වය වැඩ වීම. අපේක්ෂා කරණ තරමින් ඵල කුඩා වීමක් වෙන්නේ නැහැ. මේ නිසා ඵල දැරූ බොන්සායි ගසක ඵල තිබෙන්නට හරිනවා නම් අනුපාතිකව එහි ඇති නොගැලපීම දරාගෙන එය කරන්නට වෙනවා.

පින්තූරයේ ඇත්තේ එවැනි බොන්සායි සඳහා පුහුණු කරණ ගසක ඵල දරා ඇති අවස්ථාවකි. අනුපාතිකව එහි ඇති නොගැලපීම එය දුටු විට ඔබට වටහා ගත හැකි වනු ඇත. මෙය දනට හොඳ බොන්සායි නිර්මාණයක් නොවේ. අදාල කරුණ පැහැදිලි කිරීම සඳහා පමණක් ඉදිරිපත් කළෙමි.

 


සියඹලාවල ඇති ඊ ළඟට ප්‍රධානම දුර්වලතාව වන්නේ නොහිතන තැනකින් රිවර්ස් ටේපර්ස් මතුවීම. මෙය වලක්වාගන්නට අතිශයින් අසීරු කරුණක්.

කඳෙහි යම් පහළ ස්ථානයක රිවර්ස් ටේපර් එකක් මතු වුවහොත්, එම ස්ථානයට ඉහළින් එයාර් ලේයර් කර අලුත් මල මණ්ඩලයක් සාදා ගැනීම වැනි උපක්‍රම මගින් එය වලක්වාගත හැකි වුවත්, කඳෙහිම ඉහළ ස්ථානයක හෝ, ප්‍රධාන අතුවල ඇති රිවර්ස් ටේපර්ස් මගහරවා ගැනීම සමහර විට බොහෝ දුෂ්කර කාරණාවක් වෙන්නට පුළුවන්.

Air layering of Tamarind Bonsai

භාෂාව වෙනස් වුව, අවැසි අදහස ලබා ගැනීමට එය බාධාවක් නොවන බැවින් මෙය ඔබට අදාල දැනුම ගෙනෙන විඩියෝවක් වනු ඇත.



සමහර විට හොඳ අතු බෙදීම් ඇති අතු රිවර්ස් ටේපර් එක ඇති ස්ථානයට මෙපිටින් කපා අලුතින්ම අතු ලබා ගැනීම වැනි දේ වලට යොමු විය යුතු වෙනවා. මෙය පහසු කරුණක් නොවේ. සහ එනිසාම අවසාන නිර්මාණය ප්‍රමාදයට හේතුවක් වෙනවා.

කෙසේ වෙතත්, අවසාන නිර්මාණයේ ඇති අලංකාරවත් බව නිසා සමහර නිර්මාණවල ඇති එම දුර්වලතාවයන් නොසකලා හැරෙනවා.

රිවර්ස් ටේපර් කියන දුර්වලතාව ගැන වැඩි දුරටත් කියනවා නම්, මීට පෙර රිවර්ස් ටේපර් ඇති නිර්මාණ බොන්සායි ප්‍රදර්ශණ හා තරගවලට ඉදිරිපත් කරන්නට ඉඩ දුන්නේ නැහැ. නමුත් නිර්මාණයේ අනෙකුත් විශිෂ්ඨ ලකුණු සලකා දැන් ඊට ඉඩ ඇතිවා සේම පෙර කී දුර්වලතාව නොතකා, අනෙකුත් වෙසෙස් ලක්ෂණ හේතුවෙන් ජයග්‍රහණය කළ රිවර්ස් ටේපර්ස් සහිත නිර්මාණ පවා තිබෙනවා.

සියඹලා වල මූල මණ්ඩලය අතිශයින් සංවේදී ලෙස සකලනවා. එබැවින් රී පොට් කිරීමේදී මූල මණ්ඩලය හා ගනුදෙනුව ප්‍රෙව්සමෙන් කළ යුතු වෙනවා. එය එක්තරා අභියෝගයක්. අනවශ්‍ය තරමින් මූල මණ්ඩලයට බාධා නොවන සේ එය කළ යුතු වෙනවා. ලද අත්දැකීම් මේ කාර්යය සාර්ථක කර ගැනීමේදී බොහෝ දුරට උදව්වක් වෙනවා.

සියඹලා දැඩි කප්පාදුවට සාර්ථකව මුහුණ දෙන නමුත්, සමහර අවස්ථාවල කප්පාදුවෙන් පසු සිතන ස්ථානවලින් අතු නොඒම නිසා ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන අවස්ථා තිබෙනවා. මේ නිසා පවත්වාගෙන ගිය හැඩය සම්පූර්ණයෙන්ස වෙනස් කර අලුත්ම හැඩයකට ගස සාදන්නට වූ අවස්ථා තිබෙනවා. ඒ වගේම කප්පාදු කළ ස්ථාන හොඳීන් සීල් කිරීම අවශ්‍ය වෙනවා. දිලීර ඇතුළු වීම හේතුවෙන් මුළු ගසම අහිමි වූ අවස්ථාත් තිබෙනවා.

මේ දුර්වල්තාවයන් නිසා සියඹලා නිර්මාණයක් සාර්ථක කරගැනීම අභියෝගයක්. නමුත් කාලයත් සමගද, අත්දැකීම් සමගද, උපක්‍රම භාවිතයෙන්ද මේවා ජයගත හැකි වෙනවා.

බොන්සායි යනු දීර්ඝ කාලීන නිර්මාණ කාර්යයක් වන බැවින්, කල් යත්ම යත්ම එහි පත්‍ර යම් තරමකට කුඩා වෙනවා. එසේම එම තරමින්ම කුඩා නොවුණත් හට ගන්නා ඵලද කුඩා වෙනවා.

නමුත් එය ඉවසීමෙන් බලා සිටිය යුතු කරුණක්.

සාපේක්ෂව ඉක්මන් නිර්මාණයක් සඳහා නම් ඔබ තෝරාගත යුත්තේ අන් ගසකි. එහෙත් ඉවසීමද කාලයද ලබා දෙමින් අභියෝගාත්මක නිර්මාණ කාර්යයක යෙදෙන්නට අවශ්‍ය නම් සියඹලා සුදුසුම නිර්මාණයකි.

මේ සියඹලා බොන්සායි කිහිපයක පින්තූර කිහිපයකි. පහසුවෙන් සොයාගත හැකි නිර්මාණ කිහිපයක් මෙහි අමුණා ඇති වුව, මේවාට වඩා අනර්ඝ බොන්සායි ඔබට අන්තර්ජාලය පිරික්සීමේදී මතුවට මුණගැසෙනු ඇත.









 

අවබෝධයෙන් යුතුව මෙම විඩියෝ නැරඹීමෙන් ඔබට සියඹලා බොන්සායිකරණය පිළිබඳව වැඩි දුරටත් අදහස් ලබා ගත හැකිය.



 



 



 



 

මෙය අත්වැලක් පමණකි. තවත් දේ සොයා යාම ඔබ සතු කාර්යයකි.

 

-      යසනාත් ධම්මික බණ්ඩාර     -

 

8. බොන්සායි මිලට විකිණෙන ප්‍රී බොන්සායි (Pre-bonsai ) හා බොන්සායි මැටීරියල්ස්.......



 Bonsai ~ A natural raft style (all connected by same roots) 榔榆 ...

සමහර කලා නිර්මාණ ඔබට නොමිළයේ විඳිය හැකි ය.

එහෙත් සමහර කලා නිර්මාණ විඳීමට මිළක් ගෙවා අවස්ථාවක් ගතයුතුය.

මිළක් ගෙවීමෙන් සමහර නිර්මාණ තමන් සතු කරගන්නට වුව හැකියාව ඇත. එනම් සමහර කලා නිර්මාණ විකිණීමට තැබීම හෝ සමහර විට වෙන්දේසියේ දැමීම සිදුවේ.

මෙහිදී  චිත්‍ර, මූර්ති, කැටයම් වැනි දෑ වැඩිම වශයෙන් විකිණෙන කලා නිර්මාණ ගොන්නට ඇතුළත් වෙයි. බොන්සායි ද එලෙසින්ම එවැනි මිළක් ගෙවා තම සන්තකයට ගත හැකි කලා නිර්මාණ කොටසකි.

Hotel Art Fair

බොන්සායි නිර්මාණ විකිණෙනවිට විකිණෙන්නේ ඉතා ඉහළ මිළකටය. බොන්සායි රසිකයා ඉහළ මිළක් වුව ගෙවා ඒවා තමන සතුකර ගන්නට පෙළඹෙන්නේ ඒ තුළ ඇති වටිණාකම හඳුනාගත් බැවිනි. ඒ තුළ ඇති වෙහෙස, මහන්සිය, ඉවසීම, කාලය හඳුනාගත් බැවිනි.

 JIA_BONSAI_Singapore on Instagram: “Loving our new display... JIA ...

එය හඳුනන රසිකයා බොන්සායි නිර්මාණයකට අධික මිළක් නියම වීම ගැන ප්‍රශ්ණ නොකරයි. බොන්සායි නිර්මාණයක් යනු ඇසිල්ලකින් බිහි කළ හැකි දෙයක් නොවන බැව් ඔවුන් මනාකොට දනී.

 Bonsai | Newzealandteatrees Bonsai Blog | Page 2

මෙහි සරන කවි ගැන උනන්දුවක් ඇති යමෙක් වේ නම් මා මේ කියන දේ ගැන අනිවාර්යයෙන්ම දැන සිටිනවා ඇත. රත්න ශ්‍රී විජේසිංහ කවියා මෙවන් කවක් ලියා ඇත.

දරුවනේ වන මලක් යනු
එක රැයක අසිරිය නම් නොවේ
ගහත් පොළවත් වින්ද දුක්ගිනි
මලක රුව ගුණ බිහිකරයි.....

මෙයින් කියැවෙන්නේ මලට ප්‍රිය කරණ මිනිසුන් මලක සුන්දරත්වය පසුපස ඇති නොදකින නොහිතන දිගු දුෂ්කර කතාවයි. බොන්සායි නිර්මාණයක් පසුපස ඇති දුෂ්කර කතාවද එවැනිය.

බොන්සායි නිර්මාණ දැක මුසපත් වන රසිකයාම සමහර විට ඒ නිර්මාණය ඒ මට්ටමට ගෙනෙන්නට ශිල්පියා ගත් වෙහෙස නොදකින්නට වුව වැඩි ඉඩක් ඇත්තේ.   එබැවින් සැබෑ බොන්සායි නිර්මාණයක් අධික ලෙස මිළ වන විට, ඒ මිළට හේතුව කුමක්දැයි එවැන්නන්ගේ ඇස් උඩ යනු ඇත.

බොන්සායි නිර්මාණ මිළෙන් ඉහළ යනවිට ඊට සාපේක්ෂව බොන්සායි නොවන, නමුත් බොන්සායි නමින් එන සමහර දේද ව්‍යාජ අයුරින් මිළෙන් අධික වෙයි.  නමුත් ඒවා සැබෑ බොන්සායි නිර්මාණයක් පමණින් මිළෙන් අධික නොවෙයි. මේ බොන්සායි නොවන ( නිර්මාණ ? ) බොන්සායි මිළට වඩා අඩු වුණත් එහි සැබෑ වටිණාකම සැලකූ විට වෙළඳපොලේ වැඩි ව්‍යාජ මිළකට අලෙවි කරන්නේ වුව එයින් ඔවුන් ගේ ඇස් උඩ දමා නොගනී. 

එයට මා දකින හේතුව වනුයේ ඔවුන් කරණුයේ සංසංදනය කර අඩු මිළක් වෙත යාමට රුචි වීමය. බොහෝ දෙනෙක් බොන්සායි රසිකයින් වූවාට සැබෑ බොන්සායි සහ ඊනියා බොන්සායි හඳුනාගෙන නොසිටින බව ඔවුන් බොන්සායි කියා හඳුන්වන දේ දෙස බැලූ විට පෙනී යයි.


බොන්සායි නියම වශයෙන් හඳුනා ගත් රසිකයින්ට වඩා බහුල වනුයේ බොන්සායි වලට රිසි එහෙත් සැබෑ බොන්සායි පිළිබඳ නිසි අවබෝධයක් නැති රසික පිරිසකි. ඔවුන් සමහර විට බොන්සායි කියා බොන්සායි නොවන දෑ මිළදී ගන්නටද මේ නිසා ඉඩ ඇත. ඉඩ ඇත නොව ඇත්තටම බහුල වශයෙන් වන්නේ එයය.

බොන්සායි කියා බොන්සායි නොවන දේ මිළදී ගන්නට වෙන්නේ බොන්සායි කියා බොන්සායි නොවන දේ විකිණීමට තබා ඇති බැවිනි. ඒවා බැලූ බැල්මට බොන්සායි සේ වෙයි. එහෙත් විමසිලිවත් බොන්සායි ඇසකින් බැලූ විට ඒවා බොන්සායි නමින් ආවද බොන්සායි නොවන බව වටහා ගනී. නමුත් විමසිලිමත් බොන්සායි ඇසක් නැති නම් යමෙක් ඒ දේ බොන්සායි නාමය යටතේ නොවටිණා මිළ ට සතුකර ගනී.

බොන්සායි නිර්මාණ කරන්නේ බොන්සායි ශිල්පීන්ය. ඕනෑම කලාවක ශිල්පීන් වෙයි. එහෙත් ශිල්පීන් අතර සැබෑ ප්‍රවීනයින් සිටින්නේ අතලොස්සකි.

බොන්සායි කලාවේ ද ඇත්ත මෙය ය.

බොන්සායි කලාවේ සැබෑ ප්‍රවීනයින් අපට සිටින්නේ අතලොස්සකි. එහෙත් නැගී එන බොන්සායි කලාකරුවන් යම් පිරිසක් සිටින අතර ඔවුන් තුළ ප්‍රවීනත්වයේ ලකුණු දිස් වෙයි. දවසක ඔවුන් ප්‍රවීනයින් සේ කලාව බබලනු ඇතැයි සිතේ.

ප්‍රවීන බොන්සායි ශිල්පී යන නමින් සිටින හැමකෙක්ම ප්‍රවීන බොන්සායි ශිල්පීන් නොවනවා පමණක් නොව සමහරුන් බොන්සායි ශිල්පීන් වන්නේම නැත. ඔවුන් බොහෝ විට කරණුයේ බොන්සායි යන්න මතුපිටින් දැක, බොන්සායි ශිල්ප ක්‍රම මතු පිටින් අත පත ගා, බොන්සායි නමින් වන බොන්සායි නොවන දේ කිරීමයි. එමෙන්ම ඒ සමහර දෙයක් බොන්සායි වන්නේ ද නැත. බොන්සායි නොවන්නේ ද නැත.

ඔවුනටද, ඒවාටද බොන්සායි තව දුර ය.

බොන්සායි වන්නේත් නැති බොන්සායි නොවන්නේත් නැති යමක් යම් දවසක බොන්සායි නිර්මාණයක් බවට පත්වීමේ ශක්‍යතාවයෙන් යුක්ත විය හැකිය. යම් දවසක බොන්සායි නිර්මාණයක් බවට පත්වීමේ හැකියාව ඇති නිර්මාණ ප්‍රී බොන්සායි ලෙස මා මීට පෙර හඳුන්වා ඇත. එය මගේ හැඳින්වීමක් නොවේ. බොන්සායි හා එදා සිටම බැඳුනු අදහසකි.

Prebonsai Ficus carica — Garden Jardinitis 

 Bonsai trees for sale | Bonsaischule Wenddorf

 Bonsai Shaping Technique Did Amazing Transformation


බොන්සායි නොවන ප්‍රී බොන්සායි බොන්සායි සේ හඳුනා ගන්නා ඇතමුන් ප්‍රී බොන්සායි නොවෙන දේ ප්‍රී බොන්සායි ලෙස හඳුනාගන්නා අවස්ථාද තිබේ.

බොන්සායි කරන්නට සුදුසු ගස් වෙයි. එහෙත් ඒවා ප්‍රී බොන්සායි නොවෙයි. ඒවාට කිව හැක්කේ බොන්සායි මැටීරියල්ස් යන්නය.

මා මේ කියන දේ පැහැදිලිව වටහාගණු මැණවි.

බොන්සායි නොවන බොන්සායි වීමේ හැකියාව ඇත්තේ, ප්‍රී බොන්සායි ය.

ප්‍රී බොන්සායි නොවන, නමුත් ප්‍රී බොන්සායි බවට පත් කළ හැකි යම් ගසක් වෙයිද, එය බොන්සායි මැටීරියල් එකකි. බොන්සායි මැටීරියල් එකක් බොන්සායි එකක් වන්නේ ප්‍රී බොන්සායි එකක් වී වසර ගණනකිනි.

Bonsai Tree Materials - bonsai tree

 Pinoy Bonsai: Mass Production Of Bonsai Materials In The Philippines

 Pictures of Beautiful Bonsai Gardens | HGTV

කුමන බොන්සායි මැටීරියල් එකක් හෝ ගෙන, මූලිකව හැඩ ගන්වා, බඳුන් ගත කළ විට බොන්සායි නිර්මාණයක් සේ දුටුවද, එය ප්‍රී බොන්සායි එකක් මිස බොන්සායි එකක් නොවෙයි. 

 Fukien Tea pre-bonsai | Bonsai garden, Pre bonsai, Bonsai

එය බොන්සායි වන්නේ අදාල ක්‍රියාදාමයක් ඔස්සේ වසර ගණනක් හැඩ ගැසී මේ බොන්සායි ක්‍රියාකාරකම් අපට වඩා ගසට දැනුනු විටය.

බොහෝ අය බොන්සායි මැටීරියල් එකක් අර අයුරින් මූලික හැඩ ගැන්වීම් කර බොන්සායි බඳුනකට දැමූ පමණින් බොන්සායි එකක් සේ හඳුන්වනු දැකිය හැකිය.

 Best Pre-Bonsai Trees | Bonsai Tree Gardener


 Shohin Pyracantha Bonsai Pre-bonsai material – Shoka Bonsai


 Crepe Myrtle – One of a Kind Pre-Bonsai – Wigert's Bonsai

කලා නිර්මාණ සමහරක් විකිණෙන බව සහ සමහරක් විකුණන බව දැන් ඔබ දනී. බොන්සායිද මෙසේ විකිණෙන්නට සහ විකුණන්නට හැකිය. එහි වරදක් නැත. යමෙකුට අදාල නිර්මාණ කාර්යය කළ නොහැකි නම්, එහෙත් ඒ නිර්මාණයන්ට ප්‍රියතාවයකුත් දක්වයි නම්, එවැන්නක් තමන් සතු කර ගන්නට කැමැත්තකුත් ඇති නම් මිළට ගන්නට තැනක් තිබිය යුතුය. එබැවින් ඒ අවශ්‍යතාව සඳහා සේවාවක් නිර්මාණය වෙයි. මේ සේවාව නිසි සේවාවකින් සපිරෙන්නේ නම් එහි ඇති වරදක් නැත. එහෙත් නිසි සේවාවක් නොවී අවස්ථාවාදීන්ට අදාල සේවා සැපයීමේ ඉඩ ප්‍රස්ථාව හිමි වේ නම්, වන්නේ අනෙකකි. වංචාවකි. අපරාධයකි. හානියකි.

සැබෑ බොන්සායි නිර්මාණකරුවා මුදලක් වෙනුවෙන් බොරුවක් නොකරයි. එැබැවින් බොන්සායි ක්‍රියාවලියේ බොන්සායි නමට ගැලපෙන තැනක ඇති නිර්මාණයක් මිස බොන්සායි නමින් ඔවුන් කිසි විටෙකත් බොන්සායි නොවන දේ අලෙවි නොකරයි.

එවන් සැබෑ ශිල්පීන් බොන්සායි, බොන්සායි නමින් ද, ප්‍රී බොන්සායි, ප්‍රී බොන්සායි නමින් ද, බොන්සායි මැටීරියල්ස්, බොන්සායි මැටීරියල්ස් නමින්ද අලෙවි කරණු ලබයි. එහෙත්, බොන්සායි ශිල්පී වෙස්ගත් ප්‍රයෝගකරුවන් මේ ඛාණ්ඩ තුනම අලෙවි කරණුයේ බොන්සායි යන තනි නාමය යටතේය.

ඇත්තටම නම් ඔවුන් ළඟ බොන්සායි තිබිය නොහැකිය. ඔවුන් ළඟ තිබිය හැකි උපරිමය වන්නේ බොන්සායිකරණ මං පෙතේ තරමක් දුරට ගමනක් ගිය යන්තමින් ප්‍රීබොන්සායි නම දිය හැකි දේ ය.

සැබෑ බොන්සායි ගසක් හඳුනා ගැනීමට බොන්සායි රසිකයා වුව, යම් සැලකිය යුතු අධ්‍යයනයක් කළ යුතුය. එවිට ශිල්පියා කොතරම් අධ්‍යයනයක, සතතාභ්‍යාසයක යෙදිය යුතු දැයි රසිකයාට පසක් වනු ඇත.

යමෙක් අධ්‍යයනය කළද, අභ්‍යාසයේ යෙදුනද, නිර්මාණ සිය ගණනකට මුළ පිරුවද ඒ ද නොසෑහේ. ඔහු සතුව මනා කලාත්මක හදක් සහ සුහුරු අතක්, තියුනු ඇසක් තිබිය යුතුය. නොඑසේ නම් එයට නිර්මාණයක ගුණ සුවඳ එකතු නොවනු ඇත.

විසිතුරු ශාක වෙළඳ පොලේ ඔටෝ බොන්සායි ( Auto Bonsai ) ??? කියා ගස් වර්ගයක් අලෙවි වනු දැකිය හැකිය. මේ පැළ වර්ග අලෙවිකරුවන්ද ඊනියා බොන්සායි ශිල්පීන් වී ඇති අරුමද ඒ සමගම දැකිය හැකිය.

ඔවුන් මේ ඔටෝ බොන්සායි ලෙස හඳුන්වන්නේ කුරු ඇට්ටේරියා, කුරු ඩෙස්මෝඩියම්, කුරු කොට්ටං සහ තවත් එවන් ගස් වර්ග කිහිපයකටය. ස්වභාවයෙන්ම කුරුව සෑදෙන මේ ගස් කිහිපයක් ගෙන, බොන්සායි බඳුන් ටිකක් ද ගෙන, ඒවාට අඟුරු, උළුකැට කුඩු සහ පස් මිශ්‍රණයක් පුරවා අර පැළ ඒවාගේ ඉන්දවා පාසි ටිකක් අල්ලා නිකංම වෙළඳපොලේ තැබීමෙන් ඔවුන් බොන්සායි ශිල්පීන් බවට අභිෂේක ලබා ඇත. ඒ කරණ ක්‍රමය සහ ඉක්මණ අනුව නම් ඒවා ඔටෝ බොන්සායි  බව ඇත්තය. මොකද ශිල්පියා කළ දෙයක් හෝ ශිල්පයක් නැත. නමුත් ඒවා බොන්සායි නොවන බවය පැහැදිලි සත්‍යය.

 China Factory for Auto Cargo Net - Artificial Plants Bonsai-HY216 ...
 Nuga ( නුග) Bonsai Plant 3-4 years old – Plant Lanka | Tropical ...


Bonsai Sri Lanka - Home | Facebook

කෙසේ වෙතත් සැබෑ බොන්සායි ශිල්පීන් පවා ඔටෝ බොන්සායි වී ඇති ගස් කුලකයක් ගැන අදහසක් දරයි. ඒ අදහස ඉහත නොමේරූ අදහස සමග පටලවා නොගත යුතුය.

අති ශ්‍රැෂ්ක පරිසර වල දැඩි පාරිසරික තත්ත්ව යටතේ වැඩෙන, සමහර විට අවුරුදු තිස් හතලිස් ගණන්, නැති නම් සිය ගණන් පැරණි ගස් ස්වභාවයෙන්ම බොන්සායි නිර්මාණ සේ පෙනෙන අයුරින් සැකසී ඇති අවස්ථා අපට හමු වේ. එවිට ඔටෝ බොන්සායි වී ඇති බවක් පැවැසුවද, එය කුරු ගසක් එලෙසින්ම බොන්සායි බඳුනක හිඳුවා ඒ සැනින් විනාඩි කිහිපයකට පෙර ගස නමින් හැඳින්වූ දේට ඒ විනාඩි ගණනින් පසුව බොන්සායි යනුවෙන් කීම වැනි එකක් නොවේ.

 15 Best natures bonsai images | Bonsai, Nature, Bonsai tree

 Natural bonsai picture, by Zizounai for: trees 2018 photography ...


How old is the oldest living bonsai tree? - Quora



මේ නිසා බොන්සායි ශිල්පයේ ආධුනිකයාද, බොන්සායි රසිකයාද,  බොන්සායි මිලට විකිණෙන ප්‍රී බොන්සායි (Pre-bonsai ) සහ බොන්සායි මැටීරියල්ස් ගැන හඳුනාගෙන සිටීම අතිශයින් වැදගත් ය.


මේ වගට,


-      යසනාත් ධම්මික බණ්ඩාර  -



Tamarind - සියඹලා බොන්සායි

Tamarind - සියඹලා බොන්සායි   Tamarind - සියඹලා බොන්සායි කලාව සඳහා යොදා ගනු ලබන සුවිශේෂ ගසක්. මෙහි සමහර ලක්ෂණ නිසාවෙන් බොන්සායි කලාව ...