2. කලාවේ විද්‍යාව සහ විද්‍යාවේ කලාව





බොන්සායි කලාවක් යනුවෙන් අවශ්‍ය තරමට ඉඟි මේ වන විට පළ වී ඇත. මම මේ බ්ලොග් සටහන් පෙළෙහි ආරම්භක සටහන අවසන් කළ වැකිය ගත්තද එම ඉඟිය උවමණාවටත් වඩා ගැබ් වෙයි.කෙසේ වෙතත් එය යළිත් මෙසේ තියමි.

බොන්සායි නිර්මාණකරුවා යනු මිනිසුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් මිනිසෙකි. ඔහු තුළ අත්කම් ශිල්පියෙක්, උද්‍යානකරුවෙක් සහ කලාකරුවෙක් වෙයි.

එබැවින් එය කලාවක් බවට යළි යළිත් කියන්නට උත්සාහ නොකරමි. එසේම බොන්සායි විද්‍යාවක්ද වෙයි. ශාක පිළිබඳ විද්‍යාවේ, කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේ යම් යම් කරුණු මීට අදාල වන බැවිනි. මක්නිසාද යත් බොන්සායි යනු ජීවත් වෙන ශාකයක් සමග කරණ ගනුදෙනුවක් වන බැවිනි. මේ නිසා ඒ පදනම යම් මට්ටමකින් මතකයේ තබාගෙන මේ කටයුතු කළ යුතුය.

ශාකයක ව්‍යහය මේ අනුව සලකා බැලිය යුතුය. එහෙත් ඒ පිළිබඳව එතරම් ගැඹුරින් කතා කරන්නට නොයමි. නමුත් අවැසි යම් යම් කරුණු අදාල තැන වලදී විස්තර කරමි.

ශාකයනට පහත ලෙස ප්‍රධාන වශහයන් වෙයි.

මූල මණ්ඩලය

කඳ

අතු ඉති

පත්‍ර

මල්

ඵල

මේ බොන්සායි සඳහා අප තෝරා ගන්නේ කාශ්ඨීය ශාකයන්ය. කාශ්ඨීය යන වචනය භාවිතා කළ විට එය කාශ්ඨක යන්නට සමහරුන් පටලවා ගන්නා බව තැනකදී දෙකකදී මට පැහැදිලි විය. එහි අරුත අරටු සහිත කඳන් ඇති ගස් වර්ග යන්න ය. එබැවින් අනෙකුත් ශාක වර්ගයන් මේ කතාවේදී මීට සෘජුව ආදල නොවේ. මෙතැන් සිට අප මේ ශාක ව්‍යුහය ගැන කතා කිරීමේදී හිස තබා ගත යුතු කරුණ වන්නේ මේ කතා කරන්නේ කාශ්ඨීය ශාකයන්  ගැනය යන්නයි. කාෂ්ඨීය නොවන කඳන් සහිත ගස් වර්ග යොදා ගෙන කරණ බොන්සායි කලාවේ අලුත් ප්‍රවනතාවයන් දැන් දැන් මතුව ඇතත් මෙහි මා කතා කරණුයේ ඒවා ගැන නොවේ. ඒවා සත්‍ය බොන්සායි ඛාණ්ඩයට නොගැනේ.

බොන්සායි කලාවට වෙනත් රවටල ජනප්‍රිය ශාක වර්ග සමහර විට අපේ රටේ යොදා ගත නොහැක්කේ ඒවා අපේ රටේ නොවැඩෙන නිසා සොයා ගැනීමේ අපහසුතාව නිසායි. සමහර ගස් වර්ග සොයා ගත්තත් ඒවා මේ පරිසරයට එතරම් හුරුකර ගත නොහැකි බැවින් කෙටි කලකින් දිවියෙන් සමුගන්නා බවද දැක ගත හැකිය. මේ නිසා ඒ ඒ දේශයට වඩා ගෝචර ගස් වර්ග තෝරා ගැනීම වඩාත් සුදුසුය.

එබැවින් මේ ගසේ මුළ , කඳ, අතු ඉති ගැන කතාව අස්සේම මවිසින් සැකසූ ගස් වර්ග එකතුවක් මෙහි අමුණමි. මේ සමහර ගස් වර්ග අපේ රටේ වැවෙන අතර, පරිසරයෙන් සොයා ගැනීමටද හැකිය. එමෙන්ම සමහර වර්ග ලංකාවට පිටරටවලින් ගෙන්වා දැන් මෙහි පහසුවෙන් වැඩෙන ඒවා ය.

මේ නම් ගම් සමග ඒවා යොදා ගෙන කළ බොන්සායි නිර්මාණ සොයා ගත හැකි පරිදි අමුණා ඇති අතර, එසේ බැරි අවස්ථා වලදී හඳුනා ගැනීම සඳහා පින්තූර අමුණා ඇත.


කුඹුක් - Terminalia arjuna


 සාමාන්‍ය බෝ - Ficus religiosa

 

 රතු බෝ/පතන බෝ/කවුඩු බෝ/කපුටු බෝ - Ficus arnottiana


 
 ඇහැටු - Ficus terimenii

 
අට්ටික්කා - Ficus racemosa



ඉටිපන්දම් නුග -  Permentera seriferra
Image result for Parmentiera cereifera
ඉටිපන්දම් නුග -  Permentera seriferra

Image result for Limonia acidissima bonsai
දිවුල් - Limonia acidissima syn Limonia elephantum or Fernonia limonia 

 
මී - Madhuka longifolia

Image result for Cynometra cauliflora bonsai
නමිනං - Cynometra cauliflora


Image result for Tamarindus indica bonsai
සියඹලා - Tamerindus indicus


Image result for murraya paniculata bonsai
ඇට්ටේරියා - Murraya paniculata


  https://i.pinimg.com/originals/8a/d4/3e/8ad43e6434da710918f3d975c9fba8bc.jpg
හීන් තඹල - Carmona retusa



 Image result for Dichrostachys cinerea bonsai
අන්දර - Dichrostachys cinerea

Image result for benjamina bonsai
බෙන්ජෙමිනා විශේෂ ( නුග කුලයටම අයත් වෙයි ). Ficus spp.


 Image result for sri lankan olive tree pics
වෙරළු - Eleocarpus serratus


 Image result for Casuarina equisetifolia bonsai pics
කස - Casuarina equisetifolia


 
උගුරැස්ස - Flacourtia ramontchi


Image result for Pterospermum canescens bonsai pics
වෙලං - Pterospermum caenescence



 Image result for Syzygium cumini bonsai pics
මා දං - Syzygium cumini



 Image result for Manilkara hexandra bonsai pics
පලු - Manilkara hexandra


 Image result for වීර ගස
වීර - Dryptus sepiaria



 http://tropical.theferns.info/plantimages/b/e/bec5cbd4298c15b41ccb33585274b0dba0f59012.jpg
කොරකහ - Memecylon umbrellatum



 Image result for korakaha plant
කොරකහ - Memecylon umbrellatum මල්



 Image result for Gmelina asiatica bonsai
දෙමට - Gmelina 




Image result for Phyllanthus myrtifolius bonsai
ගඟවැරැල්ල - Phyllanthus myrtifolius


 Image result for Cassia fistula bonsai
ඇහැළ - Cassia fistula


 Image result for Bauhinia tomentosa bonsai
පෙතන් - Bauhinia tomentosa



 Image result for duranta bonsai
ධුරන්ත වර්ග


කුරු කොට්ටන්


 Image result for mitragyna tubulosa bonsai
හැළඹ - Mytragyna tubulosa


 Image result for bougainvillea bonsai
බෝගන්විලා


 Image result for Wrightia  bonsai
රයිටියා විශේෂ - Wrightia spp.



 Image result for malpighia coccigera bonsai
හෝතෝර්න් - Malpighia coccigera



 Image result for syzygium paniculatum bonsai
සමහර අන් සිසිජියම් විශේෂ


 Image result for Ochna lanceolata bonsai
මල්කෑර / බෝ කෑර  Ochna lanceolata



ගොඩ කිරල 



Image result for ilapaththa  plant
ඉලපත්ත -  Syzygium cylindricum


 Image result for Lagerstroemia speciosa plant
මුරුත - Lagerstroemia speciosa



 Image result for Polyalthia suberosa  plant
කළටි Polyalthia suberosa



 Image result for Diospyros ebenum bonsai
කලුවර - Diospyros ebenum



 Image result for Diospyros quaesita
කලු මැදිරිය - Diospyros quesita




 Image result for Diospyros ovalifolia bonsai
කුණුමැල්ල - Diospyros ovalifolia



 Image result for pinus bonsai
පයින් වර්ග - Pinus spp.


 Image result for Bauhinia racemosa
මයිල - Bauhinia racemaosa


Image result for Punica granatum bonsai
 දෙළුම් - Punica granatum



 Image result for streblus asper bonsai
නිතුල්ල - Streblus asper



Image result for panakka plant
 පානක්කා - Pleurostylia opposita



Image result for grape wine bonsai
විශාල මිදි මුල්



 Image result for citrus bonsai
දෙහි කුලයේ සමහර ශාක

Image result for Mulberry bonsai
මල්බෙරි


 Image result for Hibiscus tiliaceus bonsai
බෙලි පට්ට - Hibiscus tiliaceus

මෙ හැර මෙහි සඳහන් නොවන දේශීය සහ සමහර ආනයනිත සමහර ශාක වර්ග වෙයි. මද කල්පනාවකින් අනතකුරුව මතකයට ආ ශාක වර්ග පමණි මෙහි ඇත්තේ
මේ එක් එක් ගස් වර්ග වල ජීවන රිද්මය වෙනස් ය. එබැවින් ඒවා සමග කරණා ගනුදෙනුවේදී ඒවා ගැන මූලික දැණුමක් තිබීම වැදගත්ය.
ඒවා පැළවෙන්නේ නුමණ ක්‍රමයටද? 
අතු හෝ මුල් කප්පාදු කිරීමට ප්‍රතිචාර දක්වන්නේ කෙලෙසින්ද?
කුමණ විදිහේ පාංශු මාධ්‍යක් ඊට ගැලපේද?
ජල සහ පෝෂණ අවශ්‍යතාව කෙසේද?
සූර්යාලෝකයට විවෘතව තැබිය හැක්කේ කුමණ අයුරින්ද 

ආදිය ඒ සමහරක් තොරතුරු ය.

මූල මණ්ඩලය -
ප්‍රධානව කොටස් තුනකි.
Related image
1.     මුදුන් මුල - මෙය ශාකය පස තුළ දරා ගෙන සෘජුව තබා ගැනීමේ කාර්යය මූලිකව ඉටු කරණු ලබයි. ශාකයේ සිට පොලොව යටට විහිදෙයි. කඳේ පාදස්ථයෙන් සේම මේ මුදුන් මුළෙන් පාර්ශ්විකව විහිදෙන මල් වලින් පාර්ශ්වික මූල මණ්ඩලය සාදයි

2.     පාර්ශ්වික මුල් - කඳේ පාදස්ථයෙන් සේම මුදුන් මුලෙන් පොලොවට තිරස්ව අරීයව විහිදෙන මුල් මේ නමින් හඳුන්වයි. ප්‍රධාන වශයෙන් ඉටු කරන්නේ ශාකයේ පෝෂණ කාර්යයි.

3.     කෙඳි මුල් - පාර්ශ්වික මුල් යළි යළිත් බෙදෙමින් ප්‍රධානව විහිදෙයි. මේ මුල් ද ඉටු කරන්නෙ පෝෂණ කාර්යයි.


කඳ



Image result for straight trunked trees
 කඳ පොලොවෙන් ඉහළට සෘජුව විහිදෙයි.

 Image result for informal upright tree trunks in nature
එසේ කීවාට පොලොවෙන් ඉහළට නමුත් අක් වක්ව,

 Image result for slanting' tree trunks in nature
පොලොවෙන් ඉහළට නමුත් පොලොවට සෑහෙනට ආනතව, 

ඉහතක ආකාර තනි තනි කඳන් ලෙස සේම,

 Image result for tree trunks twin in nature
ද්විත්ව කඳන් ලෙස, 

Image result for tree trunks tpiple in nature
කඳන් තුනක් ලෙස, 

Image result for multiple trunked trees in nature
බහු කඳන් ලෙස 

ආදී වශයෙන් මේවා විවිධාකාර වෙයි. 

ස්වභාවයේ ඇති ගස්වල ඒ ඒ හැඩයන් අනුව බොන්සායි නිර්මාණයක ප්‍රධාන හැඩයන් පවා නම් කරණු ලබයි.
බොන්සායි නිර්මාණයක කඳ පාදස්ථයේදී අලංකාර මතුපිට මුල් පද්ධතියකින් පසට ඇද බැඳ තබා ගත යුතුය. අලංකාර මතුපිට මුල් බොන්සායි කලාවේදී නෙබාරි (nebari) යනුවෙන් හඳුන්වයි.   
 Image result for nebari in nature

එතැන් සිට මේ කඳ අග්‍රස්ථය දක්වා මනා සිහින් වීමක් දැක්විය යුතුය. එනම් පාදස්ථයේදී කඳ මහත් වන අතර අග්‍රස්ථයේදී සිහින් වෙයි. එහි ක්‍රසාණුකූලත්වය අතරමගදී නොබිඳිය යුතුය. ඉංග්‍රීසි බසින් මෙයට භාවිතා වන වචනය tapering යන්නයි. මේ ඊට එක් උදාහරණයකි.


සෘජු වුව, ආනත වුව, අක් වක් වුව, පහතට නැවී ඇද හැලෙන ආකාර (cascade)වුව මේ මනා සිහින් වීම  තිබිය යුතුය. යොදා ගන්නා යම් ගසක මේ මනා සිහින් වීම නොමැති නම් විවිධ උපක්‍රම භාවිතයෙන් එහි සිහින් වීම මතු කළ හැකිය. එය තරමක් අත්දැකීම් ලබන විට පැහැදිලි වනු ඇත.
යම් ගසක් පාදස්ථය ආසන්නයෙන් වක් වී ඇති, එහි ඊට ගැලපෙන සේ වන වක් වීම් ගසේ ඉහළ කොටසෙහිද විය යුතුය. එය පාදස්ථයෙන් ඇරඹෙන්න් සෘජුව නම් ඉහළට යන තෙක්ම සෘජු විය යුතුය. සෘජු කඳය නොගැලපෙන අක් වක් කඳ කොටස්ද අක් වක් කඳකට නොගැලපෙන සෘජු කඳ කොටස්ද නිර්මාණය අවලස්සන කරයි.
මේ හැර කඳක පැරණි ගස් වල පෙන්වන සමහර ලක්ෂණ පෙන්වීම අතිරේක අලංකාරයක් වෙයි.
ගසේ පොත්ත රළු පැළුණු ස්වරූපයක් ගැනීම, ගැට සහ කඩතොලු සහිත බව, දිරා ගිය කොටස් තිබීම, බෙණ ආදිය තිබීම, ලයිකන, පාසි ආදිය බැඳී තිබීම, පැරණි පෙනුම දෙන වර්ණයෙන් යුතු වීම, දිරා ගිය ගොටස් තිබීම වැනි ලකුණු එසේ දැක්විය හැකිය.

Image result for features of tree barks 

Image result for features of tree barks 

Image result for features of tree barks 

Image result for features of tree barks

අතු පතර-

ගස්  අවකාශයේ විහිදෙන්නේ ත්‍රිමාණවය. මේ ත්‍රිමාණ බව ඊට ලබා දෙන්නේ එහි අතු පතර විහිදීම අනුවය. එබැවින් අපි බොන්සායි නිර්මාණයක් කිරීමේදී ඉතා සැලකිල්ලෙන් මේ අතු පතර පිහිටුවා ගත යුතුය.
ස්වභාවයේ වැඩෙන ගසක මේ සඳහා අතු ඉති අපමණ ගණනක් ඇතත්, බොන්සායි ගසක අතු ඉති ප්‍රමාණය අප විසින් සීමා කරණු ලබයි. එය ලේඛණයේදී එකම මැයක් රචනයකින් කීමක් හා කවියකින් කීමක් වැනිය. 

බොන්සායි නිර්මාණය තුළ මේ අතු ඉති අතර සමබරතාව ගිලිහුනහොත් අවසන් ප්‍රතිඵලය අලංකාරවත් බවින් කුදු විය හැකිය.
මේ අනුව බොන්සායි නිර්මාණයක අතු විහිදීමේ රීති පද්ධතියක් වෙයි.
v පළමු අත්ත කඳෙ වමෙන් හෝ දකුණෙන් ඇරඹී ඉදිරියට විහිදිය යුතුය.
v දෙවන අත්ත පළමු අත්තට සාපේක්ෂව විය යුතු අතර ඒ අනුව පළමු අත්තට විරුද්ධ පැත්තෙක් ඉදිරියට බරව විහිදිය යුතුය. 
v තෙවන අත්ත පසුපසට විහිදිය යුතුය






මේ අයුරින් අතු පිහිටවූ විට ත්‍රිමා‘නයේ විහිදෙන ස්වරූපය මනාව දසුන වේ.

එමෙන්ම අතු සම්බන්ධයෙන් වන පහත රීතීන් ගැනද සැලකිලිමත් විය යුතුය.
v පහළින්ම පිහිටන අත්ත මහතම අත්ත විය යුතුය. අනතුරුව න්‍රමයෙන් ඉහළට යන විට ඊ ළඟට පිහිටන අතු ක්‍රමයෙන් සිහින් විය යුතුය.
v පහළින්ම පිහිටන අත්ත වඩාත් ඈතට විහිදෙන අතර ඊ ළඟ අතු ක්‍රමයෙන් කෙටි වී ත්‍රිකෝණාකාර හැඩයක් ලබා දෙයි.
v පහළින්ම පිහිටන අත්ත සාමාන්‍යයෙන් කඳේ 1/3 ක පමණ ඉහළින් ඇරඹෙන අතර අනතුරුව ඉහළට යන විට අතු අතර පරතරය ක්‍රමයෙන් අඩු විය යුුතුය.
v අක් වක් වූ කඳක නම් අතු විහිදිය යුත්තේ වක්‍ වූ තැන පිටත දාරයෙනි. කිසි විටෙක වක්‍රෙය් ඇතුළත දාරයෙන් අතු විහිදිය නොයුතුය.
v කිසිදු විටෙක එකම තැනින් දෙපසට අතු දෙකක් නොවිහිදිය යුතුය. එය නිර්මාණය නැරඹන්නාගේ ඇස ක්‍රමයෙන් පාදස්ථයේ සිට අග්‍රස්ථය දක්වා නිරියාසයෙන් ගමන් කිරීමට බාධා කරයි.
v අතු සෑම විටම කඳේ ස්වභාවය හා පෑහිය යුතුය. සෘජු කඳන් වලට ගැලපෙන්නේ සෘජු අතුය. අක් වක් කඳන් වලට ගැලපෙන්නේ අක් වක් අතුය. සෘජු කඳකට වක් වූ අතු පිහිටීම හෝ වක් වූ කඳක සෘජු අතු පිහිටීම එහි අලංකාරවත් බවට හානියකි.  
යමෙක් බොන්සායි නිර්මාණකරණයට පිවිසෙන්නේ නම් මේ මූලික රීතීන් මනාව අවබෝධ කරගෙන සිටීමෙන් කාලයත් ශ්‍රමයත් මුදලුත් සමහර විට ගසක ජීවයත් ඉතිරි වේ.
බොන්සායි පිළිබඳව ලොකු උනන්දුවක් දක්වන බොහෝ අය එහි යම් යම් රීතීන් සහ උපක්‍රම, තාක්ෂණයන් ආදිය සම්බන්ධව දරන්නේ වැරැදි අවබෝධය මත පදනම් වූ ආස්ථානයන් බව පැහැදිලි වෙයි. එබැවින් මෙවන් ලිපි ලේඛණ ද අන්තර්ජාලය ඔස්සේ සොයා ගත හැකි තොරතුරු මගින්ද මා කියූ කරුණු හදාරා සිටීම වඩා වැදගත්ය. අපි ගසකට අත තැබිය යුතුතේ ඒ අවබෝධය මතය.

ඔබගේ නිරන්තර උනන්දුව ඇති කරණ මේ සොඳුරු නිර්මාණ ටිකත් රස විඳ අදට සමු ගණිමු.











තවත් කරුණු කාරණා ඉදිරියට ය.

සැකසුම -


-      යසනාත් ධම්මික බණ්ඩාර    -



2 comments:

  1. වටිනා අදහස් ටිකක් සර්. බොහෝම ස්තූතියි.

    ReplyDelete
  2. ගොඩාක් ස්තූතියි. ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා

    ReplyDelete

Tamarind - සියඹලා බොන්සායි

Tamarind - සියඹලා බොන්සායි   Tamarind - සියඹලා බොන්සායි කලාව සඳහා යොදා ගනු ලබන සුවිශේෂ ගසක්. මෙහි සමහර ලක්ෂණ නිසාවෙන් බොන්සායි කලාව ...